Vitiligo, Eczema, Psoriasis and Chronic Dermatic Disorders

Category: සොරයිසිස්

සොරයිසිස් (Psoriasis)

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සොරයිසිස් රෝගයෙන් පීඩා විදිති. ඔවුන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර සොයති. නමුත්, ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කලාවැව වෛද්‍ය එන්. නෆීස්දීන් පවසන පරිදි ඉහත රෝගය සුව කල හැක්කේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් පමණි.

මිනිසා යනු දෙවියන් වහන්සේගේ උතුම්ම මැවිල්ලයි. සම යනු මානව ශරීරයේ තිබෙන වස්ත්‍රයයි. නමුත් සොරයිසිස් , සුදුකබර රෝගය සමට හානිකරන රෝග අතුරින් ඉදිරියෙන් සිටී. කුෂ්ඨ රෝගයට පසු දෙවන ස්ථානය ගන්නේ සොරයිසිස් රෝගයයි. මෙම රෝගය ආරම්භයේදී හිස්හොරි තත්වයක් පටන් ගනී. ඉන්පසු සම කොරළමය ස්වභාවයක් ගනී. හිස්හොරි ස්වභාවය සාමාන්‍ය තත්වයක් බැවින් මෙය වරදවා වටහා ගනී. පිටතින් සමේ කබරමය ස්වභාවයක් පවතින අතර සියුම් ස්ථාන වලින් රුධිර වහනය වෙයි. ආයුර්වේද ක්‍රමය අනුව මෙම රෝගය කිටිබ යන නමින් හඳුන්වයි. මාළුවන්ගේ පොතු ලෙස දැක්වෙන නිසා මෙය පොතුකබර නමින්ද හඳුන්වයි. ප්‍රධාන ලෙස මෙම රෝගය පුද්ගලයෙකුගේ පිට ප්‍රදේශය, පිටි අත්ල. කකුල් ඉදිරිපස හා හිස ආසාදනය කරයි.
Continue reading

© 2024 Vitiligolanka Blog

Theme by Anders NorenUp ↑