ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සොරයිසිස් රෝගයෙන් පීඩා විදිති. ඔවුන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර සොයති. නමුත්, ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කලාවැව වෛද්‍ය එන්. නෆීස්දීන් පවසන පරිදි ඉහත රෝගය සුව කල හැක්කේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් පමණි.

මිනිසා යනු දෙවියන් වහන්සේගේ උතුම්ම මැවිල්ලයි. සම යනු මානව ශරීරයේ තිබෙන වස්ත්‍රයයි. නමුත් සොරයිසිස් , සුදුකබර රෝගය සමට හානිකරන රෝග අතුරින් ඉදිරියෙන් සිටී. කුෂ්ඨ රෝගයට පසු දෙවන ස්ථානය ගන්නේ සොරයිසිස් රෝගයයි. මෙම රෝගය ආරම්භයේදී හිස්හොරි තත්වයක් පටන් ගනී. ඉන්පසු සම කොරළමය ස්වභාවයක් ගනී. හිස්හොරි ස්වභාවය සාමාන්‍ය තත්වයක් බැවින් මෙය වරදවා වටහා ගනී. පිටතින් සමේ කබරමය ස්වභාවයක් පවතින අතර සියුම් ස්ථාන වලින් රුධිර වහනය වෙයි. ආයුර්වේද ක්‍රමය අනුව මෙම රෝගය කිටිබ යන නමින් හඳුන්වයි. මාළුවන්ගේ පොතු ලෙස දැක්වෙන නිසා මෙය පොතුකබර නමින්ද හඳුන්වයි. ප්‍රධාන ලෙස මෙම රෝගය පුද්ගලයෙකුගේ පිට ප්‍රදේශය, පිටි අත්ල. කකුල් ඉදිරිපස හා හිස ආසාදනය කරයි.

හේතු
මෙම රෝගයට ඇති බිය නිසා වැරදි ප්‍රතිකාර පසුපස ලෝකයම ඇදී යයි. මේ රෝගය නිසා සියදිවි හානි කරගත් පුද්ගලයින්ද ඇත. විවාහයන් අතරමඟ නැවතී ඇත.

පරම්පරාව
සොරයිසිස් ජානමය ‍රෝගී තත්වයක්ද? ඔව් දෙමව්පියන්ට මෙම රෝගය ඇත්නම් බිහිවන දරුවන් හට 50% මෙම රෝගය හට ගැනීමේ ප්‍රවනතාවක් ඇත.

වස
ශරීරයේ විශ සහිත ද්‍රව්‍යක් රැදී පවතිනම් හෝ අසාත්මිකතා පවතී නම්, චර්ම රෝග වැලදීමේ ප්‍රවනතාවක් පවතින බව ආයුර්වේදයේ මතයයි. සොරයිසිස් ද මින් එකකි.

තුවාල
සමහර පුද්ගලයින්ට දිගුකාලීන තුවාල තිබීමද බලපෑ හැක.

රසායනික ද්‍රව්‍ය, තුවාල වලින් මෙම රෝගය උත්සන්න වන නිසා සෞම්‍ය ක්‍රීම් වර්ග සුදුසුයි.

විශබීජ
සෙම ආසාදන වලදී ඇතිවන බැක්ටීරියා වර්ග මෙම රෝගය, උත්සන්න කරයි. මෙම බැක්ටිරියා වලට ප්‍රතිකාර කිරීමෙන් සොරයිසිස් වැලදීමේ හැකියාව අවම කරයි.

හෝමෝන
සමහර සොරයිසිස් රෝග ගර්භනී කාළ වලදී අසුවෙයි. හෝමෝන හා මෙම රෝගය අතර සම්බන්ධතාවක් පවතී.

ප්‍රතිශක්තිකරනය
ප්‍රතිශක්තිකරණය අඩුවීමෙන් සොරයිසිස් වැලදෙන බවටද සොයා ගෙන ඇත. කැල්සියම් ඌනතාවයද හේතු විය හැක.

ප්‍රතිශක්තිකරණය අඩුවීමෙන් සොරයිසිස් වැලදෙන බවටද සොයා ගෙන ඇත. කැල්සියම් ඌනතාවයද හේතු විය හැක.

විශාදය
90% ක් විශාදය නිසා උග්‍ර වේ. රෝගීන්ට සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට උපදෙස් දෙයි විකෘති මනස නිසාද මෙම රෝගය සෑදීමේ ප්‍රවනතාවක් ඇත.

බලපෑම්
1.    හන්දි ඉදිමීම සහ වේදනාව
2.    කොරපතු හැලීම නිසා අත්පා දෙපා වල රුධිර වහනය
3.    නියපොතු කහ පැහැ වී කැඩී යයි.
4.    සම රළු වීම
5.    හිසකෙස් හානි වෙයි.

සමහර පුද්ගලයින්ට සොරයිසිස් සුව වන විට උදරාබාධ හට ගනී. නැවත රෝගය මතු වන විට උදරාබාධ සුව වෙයි. මෙම රෝගය වැඩියෙන්ම බලපාන්නේ ගුදය, යෝනි මාර්ග අවටයි. සමාජ ‍රෝගයක් ලෙස පිරිසක් වරදවා වටහා ගැනීමක් ද සිදුවෙයි. රෝග නිර්නය සඳහා රුධිර පරීක්සාව කිරීම හොඳම ක්‍රමයයි.

රෝගියාට සුදුසු කෑම වට්ටෝරුව – ආයුර්වේද ක්‍රමය
*    හරක් මස්, ඌරු මස්, රතු මාළු හා මධ්‍යසාර නුසුදුසුයි
*    පළතුරු, පළාවර්ග, අමු එළවළු
*    උදෑසන හා සවස හිරු එලිය
*    උදෑසන ස්ථානය ඉතා හිතකරයි