Vitiligolanka: Traditional Ayurvedic Medicine for Vitiligo

Vitiligo can be fully cured

සුදු කබර දේව ශාපයක් නොවේ. එය සුව කළ හැකිය

Get Sinhalaසුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන ඛර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බව සමහරුන් පවසන අතර තවත් අය මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්රතිකාර ක්රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්රතිකාර ක්රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්රභේදයක් වුවද ආයූර්වේද ප්රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති සෙෂත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්රතිකාර ආරම්භ කලේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් ‍ෙරා්ගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා සම මත ආලේප කරන පත්තු, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍ෙ‍රා්ගියා අනුභව කරන ආහාර පානද ප්රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සදහා අසත්‍ය වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග සුදුසු ආහාර වේලක් ලබා ගන්නේ නම් මෙම අප්රසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

සුදු කබර (ශ්විත්ර) සහ පොතු කබර
දද කුෂ්ඨ ආදී රෝග සදහා
විශේෂ ආයුර්වේද ප්රතිකාර

ඔෳෂධීය රුපලාවන්‍ය කටයුතු

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය සායනය

home | about us | about vitiligo | testimonials | contact

2011 Vitiligolanka, Ayush Institute, No. 83, Main Street,
Kekirawa, Sri Lanka. 


Home

About Us

About Vitiligo

Our Products

Testimonials

Seseme Oil

Contact Us

View Vitiligo Psoriasis Brochure